jiniwa

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා.

ජාත්‍යන්තර සංවිධාන රැසකට මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ඉදිරිපත් කරන බවයි නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයද පැවසුවේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකළ යුතු බවයි.

More Stories