ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ ද මෙලෙස හුදකලා කර ඇත.
ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී තිබු බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියා.