ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය  අද  දිනට යෙදී තිබේ.

හින්දු බැතිමතුන්ගේ විශ්වාසය අනුව ශිව දෙවියා සියලුම ජීව රාශිවල උත්පත්තියේ පියා වන බවත් එම නිසා මෙම දිනය උත්කර්ෂවත්ව හින්දු බැතිමතුන් විසින් සමරනු ලබයි.

ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්තෝත්‍ර ගායනය ශිව රාත්‍රී දිනයේ දී  සිදු කරයි

මේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, මහා ශිවරාත්‍රී දින පහන් සිල හින්දු ජනයාගේ අධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේම සමස්ත සමාජය පුරා සාමය සංහිඳියාව හා සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවයි.

සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව හින්දු බැතිමතුන් මහාශිව රාත්‍රිය සමරනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේ ය.

More Stories