පැලියගොඩ මාලු වෙලද සැලින් කොරෝනා රෝගින් වාර්ථාවිමත් සමග හැටන් නගරයේ මාලු වෙලද සැල් වසා දමමින් එහි සේවකයන් හය දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ පැලියගොඩ මාලු වෙලද සැලින් කොරෝනා රෝගින් වාර්ථා විමත් සමග එම මාලු වෙලදසැලින් හැටන් ප්‍රදේශයට මාලු රැගෙන එන වෙලද සැල්වල හය දෙනකු (06) ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

එමෙන්ම එසේ ස්වයං නිරෝධානයට ලක් කල අයගේ පි. සි. ආර්. පරික්ෂන සිදු කිරිමට පියවර ගත් බවත් එම පි. සි. ආර්. පරික්ෂනවල ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනිම සිදු කරන බවද ඔහු පවසන ලදි.

කේසේ වුවද ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්  හැටන් නගරයේ සියලුම මාලු වෙලද සැල් තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවද මැදවෙල මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories