සෞඛ්‍ය උපදෙස්වලට පිටුපාමින් වෙලදාම් කරන වෙලදුන්ට අවසන් වතාවටත් අවවාද කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ හා හැටන් පොලිසියේ නිලධාරින් 18වන දින පියවර ගන්නා ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් වෙලදාම් කිරිම පිලිබදව විටින් විට ලැබුන තොරතුරු මත අවසන් වතාවටත් එම වෙලදුන්ට අවවාද කිරිමට පියවර ගත් බවත්ය.

ඒ අනුව 18වන දින සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපැදිමකින් තොරව කටයුතු කරන වෙලදුන්ට තම වෙලද ආයතන නිසි ලෙස කර ගෙන යාම පිලිබදව සෞඛ්‍ය උපදෙස් ලබා දිමට පියවර ගත් බවත් එම උපදෙස් මත මෙම මස 21වන දින වන විට එම වෙලද ආයතන සකස් කල යුතු බවට උපදෙස් ලබා දිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

එම උපදෙස් නිසි ලෙස පිලි නොගන්නා වෙලද ආයතනවලට එරෙහිව 22වන දින සිට නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවද මැදවෙල මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories