vimalasurendra1

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කොටගල, ආගරපතන, ඩයගම, යන ප්‍රදේශවල එලවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල එලවලු ගොවින් පිරිසක් පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමත් සමග තමන් දැඩි අසරන තත්වයන්ට පත්ව ඇති බවත්ය.

තමන් ඉතා දුක් මහන්සියෙන් රන් ආභරන පවා උගසට තබා ණය ලබා ගෙන මෙම එලවලු වගාවන් සිදු කල බවත් එම එලවලු වගාවන් මෙසේ වැසි හේතුවෙන් විනාශයට පත් විමත් සමග තමන් මෙසේ අසරණ තත්වයන්ට පත්ව ඇති බවත්ය.

තම එලවලු වගාවන් මෙසේ විනාශයට පත් විමත් සමග තමන්ට ණය ගෙවා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් මේ වන විට කබලෙන් ලිපට වැටි ඇති බවද ඔවුන් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories