අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
2024 සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි.
එමෙන්ම යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වුවත් තවමත් නැවත පදිංචි නොකළ ස්ථාන පවතින අතර ඒ සඳහා මෙවර රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති බව සඳහන්.