ජිවන වියදමට සරිලන ලෙසට වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ගේ අයිතින් ලබා දෙන ලෙසත් රජය බල කරමින් මේ මස 15වන දින සිට වතුකරය තුල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි.

හැටන් ඩයිනින් රෙස්ට්හිදි ජිවත් විමට ඉඩ දෙනු යන තේමාව යටතේ 10වන දින පැවැත්වු මධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රේමරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

අද රටේ ජිවන වියදම අසිමිත ලෙස ඉහල ගිහින් තියෙනවා මෙය ගමට වත්තට නගරයට එක ලෙස බලපානවා එත් මෙය වතුකරයට අනික් ප්‍රදේශවලට වඩා දැඩි ලෙස බලපැමකට ලක් වෙනවා.

මීගොඩ, නාරහේනපිට, ආර්ථික මධ්‍යස්ථානවල පසු ගිය දිනවල හාල් ක්‍රිලෝක රුපියල් -130 වන විට වතුකරයේ එය රුපියල් 170 දක්වා ඉහල ගිහින් දැන් එම ආර්ථික මධ්‍යස්ථානවල හාල් ක්‍රිලෝව රුපියල් 160ක් 165ක් වන විට වතුකරය තුල හාල් ක්‍රිලෝව රුපියල් 210ත් 225ත් පමන වෙනවා.

මෙය අන් අයට වඩා වතු කම්කරුවන් සදහා දැඩි ලෙස බලපානවා වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දෙන බවට චක්‍ර ලේකන ගැසට් ඉදිරිපත් කලත් එම  රුපියල් දහාසේ දෛනික වැටුප මේ වන විටත් නිසි ලෙස ලැබෙන්නේ නැහැ අද ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 450ක පමන වැටුපක්.

එදා සාමුහික ගිවිසුම තිබියදිත් වතු කම්කරුවන් සදහා නිසි වැටුපක් ලැබුනේ නැහැ අද වන විට මේ වතු කම්කරුවන් වතු සමාගම් විසින් අගාදයකට ඇද දාලා තියෙන්නේ රජයද වතු සමාගම්වලට සහය දක්වනවා මිස වතු කම්කරුවන් දෙස බලන්නේ නැහැ.

අද0වන විට වතු කම්කරුවන් වැවිලි කේෂත්‍රයෙන් ඉවත් වෙමින් සිටිනවා එදා ලක්ෂ පහක් පමන සිටි වතු කම්කරුවන් අද ලක්ෂයට පමන අඩු වෙලා වැවිලි ඇමති කියනවා ශ්‍රම බලකාය අඩුවන නිසා යන්ත්‍ර බාවිතා කිරිමට පියවර ගන්නා බව.

මේ තුලින් ලංකා තේවලට දැඩි බලපැමක් සිදු වෙනවා මෙය ඉංදියාවේ චිනයේ හෝ කෙන්යාවේ අවශ්‍යතාවයකට ඔවුන්ගේ ඉල්ලිම් මත සිදු වෙනවාද යන්න සැකයක් පවතිනවා.

දැන් රජය රුපියල් 80ක සහන මිලට වතු කම්කරුවන් සදහා මසකට පිටි ක්‍රිලෝ 15ක් දෙන බව පවසනවා මෙය දෙන්නේ වතු කම්කරුවන්ගේ ඊ.ටි,එෆ්. අංකයන් යටතේ බවයි පැවසෙන්නේ එත් වතු කම්කරුවන් සදහා මේ පිටි ක්‍රිලෝ 15ව මසකට නොවෙයි සතියකටත් මදියි.

පසු ගිය චන්ද්‍රිකා කාලයෙත් මහින්ද කාලයෙත් මෙවැනි සහන දෙන බව පැවසුවත් එය මේ වන තෙක් ලැබිලා නැහැ ඒවගේ මෙම සහනයත් වෙයිද දන්නේ නැහැ.

වතු කම්කරුවන්ගේ නිදහස අද අහිමි වෙලා මෙම තත්වයන් මත පිරිමි අය මෙන්ම වතු කම්කරු කාන්තාවන්ද විවිධ රැකියා සොයා පිට පලාත්වලට යන තත්වයක් උදාවෙලා තියන්නේ එම තත්වයන් මත වතු කමකරුවන්ගේ පවුල් සංස්ථවන්ද විනාශවිමේ තත්වයක් පවතිනවා.

අවුරුදු 73නක පමන කාලයක් ගෙවුනත් එදා සුදුදා හදපු තැනයි අද වතු කම්කරුවන් ඉන්නේ මේ වතු කම්කරුවන්ට ඉන්න නිසි තැනක් නැහැ ක්‍රිඩා පිටියක් නැහැ සෞඛ්‍ය තත්වයන් ගත්තත් අධ්‍යාපන තත්වයන් ගත්තත් එහෙමයි.

අද සමහර වතුවල පාසල් ගත්විට එය පාසල්ද කියා කියන්ත් බැහැ මෙම තත්වයන් මත මේ වන විට වතු කම්කරුවන දැඩි ප්‍රිඩාවන්ට ලක් වෙලායි ඉන්නේ මෙම තත්වයන් පිලිබදව වතුකම්කරුවන් දැනුවත් කර  වතුකම්රුවන්ට ජිවත් විමට සරිලන වැටුපක් ලබා දෙන ලෙසත් වතු කම්කරුවන්ගේ අයිතින් නිසි ලෙස ලබා දෙන ලෙසත් රජයට බල කරමින් වතු කරය තුල දැවැන්ත උද්ගෝෂන ව්‍යාපායක් මේ මස 15වනක දින සිට ක්‍රියාත්මක කිරිමට සමස්ථ ලංකා වතු කම්කරු සංගමය මගින් පියවර ගන්නවා.

මේ ආන්ඩුව බලයට පත්වුනේ 69 ලක්ෂයක කැමැත්ත මත එත් මේ වන විට මේ ආන්ඩුවට ජනතා ආකර්ෂනය නැතිවෙලා ඇමතිවරුන්ට මෙන්ම ජනාධිපතිටත් ජනතාව හු කියන තත්වයට පත් වෙලා තියෙන්නේ.

මෙම තත්වයන් මත මේ ආන්ඩුව දන්නවා ඡන්දයක් තිබ්බොත් සිදුවන දේ එම නිසා මේ වන විට පලාත් පාලන ඡන්දයත් වසරකින් කල් දැමිමට මේ ආන්ඩුව පියවර ගෙන තිබෙනවා.

මෙහිදි එම සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්, උප නේකම් ක්‍රිෂ්නන් කලේචෙල්වම් යන මහත්ම මහත්මින්ද අදහස් දක්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories