හැටන් දික්ඔය නගර සභාව මගින් නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම සදහා ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු එම නගර සභාවට රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවා නොමැති බව එම නගර සභාවේම කිප දෙනකු පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මෙයට වසර දෙකකට පමන පෙරදි නගර සභාව මගින් කැදවන ලද ටෙන්ඩර් මත නගරයේ රථ වාහන නතර කිරිමේ ගාස්තු අය කිරිම සදහා එම ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 14ක මුදලක් නගර සභාවට ගෙවිම් මේ වන තෙක් පැහැර ඇති බවත්ය.

මෙම ටෙන්ඩර් රෙගුලාසි මත ටෙන්ඩරයට ඇතුලත් කර ඇති රථ වාහන නැවතුම් ගාස්තු සති දෙකකට වරක් හෝ මසකට වරක් නගර සභාවට ගෙවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් එම ටෙන්ඩරය අවලංගු කිරිමේ බලය නගර සභාවට ඇති බවත්ය.

එසේ වුවත් ඒ සම්බන්දව කටයුතු කරනු ලබන නිලධාරින් මෙතරම් මුදලක් එකතුවන තෙක් ඒ සම්බන්දව කිසිදු පියවරක් ගෙන නොමැති බවත් අදාල ටෙන්ඩර් පටි පාටි මත ක්‍රියාත්මවි නොමැති විමෙන් මෙතරම් මුදලක් එකතුවි ඇති බවත් මෙතරම් මුදලක් ගෙවිම් පැහැර ඇති අයට නිතිමය පියවර ගැනිමට හෝ කටයුතු නොකිරිම දැඩි ප්‍රශ්නයක් බවත්ද එම පිරිස් පවසති.

නගර සභාව සභාපති ඇතුළු නාගරික මංත්‍රිවරුන් යටතේ පැවති කාලයන් තුලදිද මෙම හිග මුදල පිලිබදව විටින් විට කතා කර ටෙන්ඩර් ගෙන මුදල් ගෙවා නැති අදාල ටෙන්ඩර්කරුට එරෙහිව නිතිමය පියවර ගත යුතු බවට සමහර නාගරික මංත්‍රිවරුන් පැවසුවද මේ වන තෙක් අදාල ටෙන්ඩර්කරුට එරෙහිව කිසිදු පියවරක් නොගැනිම දැඩි ප්‍රශ්නයක් බවද එම පිරිස් පවසති.

නගර සභාවේ විවිධ ක්‍රිකාරකම් පිලිබදව විමර්ෂනය කිරිම සදහා මසකට වරක් දෙවරක් මෙන්ම විවිධ අවස්ථාවලදි විමර්ෂන නිලධාරින් මෙම නගර සභාවට පැමින විවිධ විමර්ෂනයන් සිදු කලද මෙම රුපියල් ලක්ෂ 14ක ගෙවිම් පැහැර ඇති ආකාරය විමර්ෂනය නොවිම පුදුමයට කරුනක් බවද එම පිරිස් පවසති.

එමෙන්ම වාර්ෂිකව සිදුකරනු ලබන විගනන පරික්ෂාවලදිද මෙය විගනනයට ලක් නොවිම බලවත් සැකයක් බවත් මෙම තොරතුරු නිසි ලෙස අදාල නිලධාරින්ට නොදි සිටිමට මෙම නගර සභාවේ සමහර පිරිස් කටයුතු කරන්නේද යන්න සැකයක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව මධ්‍යම පලාත් ආන්ඩුකාරවරයාගේ මෙන්ම මධ්‍යම පලාත් පාලාත් පාලන කොමසාර්ස්වරයාගේ හා මධ්‍යම පලාත් සහාකාර පලාත් පාලන කොමසාරිස්වරයාගේ (නුවරඑළිය) දැඩි අවධානයන් යොමුකල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ කිප දෙනකුම පවසන ලද්දේ නගරයේ යම් රථ වාහනයක් නතර කල පමනින් නැවතුම් ගාස්තු අය කරන පිරිස් මෙවන් විශාල මුදලක් නගර සභාවට ගෙවිම් පැහැර හැරිම විමතියට කරුනක් බවත්ය.

එමෙන්ම තමන් යම් හිග වරිපනන් මුදලක් හෝ ගෙවිම් අදාල දිනයට දිනක් හෝ පමාවි ගෙවිමට යාමේදි එයට දඩ මුදලක් එකතු කරන මෙම නගර සභාව රුපියල් ලක්ෂ 14ක් වැනි මුදලක් වසර දෙකක් තිස්සේ පැහැර හැර තිබියදිද එයට යම් පියවරක් නොගැනිම ප්‍රශ්නයක් බවත්ය.
මෙම තත්වයන් පිලිබදව තොරතුරු දැන ගැනිමේ පනත යටතේ හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් මහතා වෙත ලිඛිතව කරන ලද ඉල්ලිමක් මත එම නගර සභාවේ තොරතුරු නිලධාරි හා ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි ලෙස කටයුතු කරන ටි. ප්‍රගාසමේරි මහත්මිය ලිඛිතව දන්වා ඇත්තේ නගරයේ රථවාහන නැවැත්විමේ ගාස්තු අයකිරිමට ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවිමට ඇති බවත්ය.

එමෙන්ම හිග මුදල් අයකිරිමේ ක්‍රියාවලියේ මුලීක අදියර ලෙස ලිපි මගින් අදාල ටෙන්ඩර්කරු දැනුවත් කර ඇති බවත් ඒ සදහා ලැබි ඇති පිලිතුරු පලාත් පාලන කොමසාර්ස්තුමන්ගේ උපදෙස් ලබා ගැනිමට කටයුතු කර ඇති බවත්ය.

එමෙන්ම සභාවට අය විය යුතු මෙම මුදලින් රුපියල් හය ලක්ෂ පනස් එක් දාහාස් දෙසියක මුදලක් (651200.00) ලේඛනයෙන් කපා හැරිම සදහා ගරු මධ්‍යම පලාත් ආන්ඩුකාරවරයාගේ අනුමැතිය හිමිව ඇති බව දන්වා තිබුනද එයට හේතු දක්වා නොමැති අතර මේ පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන සහකාර කොමසාර්ස්වරයා දැනුවත්වි ඇති බවද සදහන් කර ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

hot news gossip lanka

More Stories