දණ්ඩ නීති සංග්‍රහය අනුව නොව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අනුව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව වහාම නඩු පවරන්නැයි පිවිතුරු හෙළ උරුමය පොලීසියෙන් ඉල්ලීමක් කරයි.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ජනතාව අතර ආගමික ගැටුම් ඇති කිරීමට පොළඹවන පුද්ගලයින්ට එම පනත හරහා වසර 10 ක සිර දඬුවමක්ද ලබාදිය හැකි බවයි.
මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කිසිවක් ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසයි.