ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් කොළඹ IDH රෝහල තුළ ‍මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ එම රෝහල තුළ මෙවන කොවිඩ්-19 රෝගීන් 140ක් ප්‍රතිකාර ලබන බවත් රෝගය ඇතැයි සැකකරන 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බවත් මේ වනවිට එම රෝහලේ රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ය.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සැලසුම වී තිබුනේ කොවිඩ්-19 රෝගීන් 120ක ධාරිතාවයකට ප්‍රතිකාර කිරීමට පමණක් බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

More Stories