imf

ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මූලික එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට කොළඹ දී පැවැත්වේ.

එහිදි අදහස් දැක්වු නියෝජිත ප්‍රධානී, පීටර් බ්රුඅර් මෙලෙස අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා එකඟතාවයක් ඇතිවුණා. එය මාස 48ක වැඩසටහනක්. එය IMF කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. බලධාරීන් මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. එය තවදුරටත් සිදුවිය යුතුයි. ශ්‍රී ලංකාවේ බාහිර ණය තිරසාර නෑ. එය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.”

More Stories