imf lanka c news sinhala

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අල්ලස් නතර කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලක් රජය ඒකාබද්ධව සකස් කිරීම ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමේ දී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පොරොන්දු වී ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් විසින් දින දහහතරක් තුළ අධ්‍යනයක් කරමින් අදාළ වාර්තාව සකස් කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමේ දී පවතින අඩු පාඩු සොයා ගනිමින් ජාත්‍යන්තර ආයතන එහි දී ගන්නා ක්‍රියාමාර්ගද සැලකිල්ලට ගනිමින් වාර්තාව සකස් කෙරේ.

දූෂණ විරෝධී පනත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Similar Posts