imf

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව සමඟ පවත්වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ක්‍රිස්ටිලීනා ජෝර්ජිවා මහත්මිය ශ්‍රී ලංකාවේ නව රජය සමඟ මේ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවනු ඇතැයි පෙන්වාදෙයි.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ද වාර්තා වෙයි. මේ අතර ඇය පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහන පැකේජය සම්බන්ධයෙන් තාක්ෂණික සාකච්ඡා පවත්වා ඇති බවත් එම සාකච්ඡාවන්හි ප්‍රතිඵල අනුව මේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බවත්ය.

රටේ පාලනයට පත් වන පාර්ශ්වයට සහාය ඇත්නම් තම නියෝජිතයන් ඔවුන් සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසු වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කරයි.

More Stories