imf

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ධුත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා ධූත ප්‍රධානි මසහීරෝ නොසාකි, ‘නික්කෙයි ඒෂියා’ වෙබ් අඩවියට ලිඛිතව දන්වා ඇත්තේ, “ණය සහන සාකච්ඡා සඳහා කාලය ගතවන නිසා, කාලරාමුවක් ගැන පැවසීම ඉතා අපහසුයි. ඒ ගැන සම්බන්ධ පාර්ශ්ව එම සාකච්ඡා කඩිනම් කළ යුතුයි. “

More Stories