dailyreporter

උතුරු පලාත් ප්‍රධාන තයිපොන්ගල් උත්සවය ඊයේ (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි.

මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය.

හින්දු චාරිත්‍රාණුකූලව කිරි උතුරවා රටටත් ජනතාවටත් සාමය සතුට සෞභාග්‍ය ප්‍රාර්ථනාවෙන් තයිපොන්ගල් උත්සවය පැවති අතර මෙම මෙම තයිපොන්ගල් උත්සවයට සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම කිරිබත් පිසීමේ කටයුතු සඳහාද ඒක්වීම විශේෂත්වයකි.

වන්නි – රොමේෂ්

More Stories