මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සාමිමලේ ගවරවිල ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවිමත් සමග එම විදුහලේ පංති කාමර කිපයක් වසා දැමිමට පියවර ගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ එකම පවුලේ තිදෙනකු (පියා මව පුතා) කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවත් එම පවුලේ පුතා සාමිමලේ ගවරවිල ද්‍රවිඩ විදුහලේ 9වන වසරේ ඉගෙනුම ලබන බවත්ය.

එම තත්වයන් මත එම විදුහලේ පංති කාමර කිපයක් 01වන දින සිට තාවකාලිකව වසා දැමිමට එහි විදුහල්පතිට උපදෙස් ලබා දුන් බවද ඔහු පවසන ලදි.

මේ පිලිබදව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි. ශ්‍රිධරන් මහතාගෙන් කරන ලද විමසිම්වලදි ඔහු පවසන ලද්දේ මස්කෙළිය සාමිමලේ ගවරවිල ද්‍රවිඩ විදුහලේ 09වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් සමග ලද සෞඛ්‍ය උපදෙස් මත එම විදුහලේ 6වන ශ්‍රේණියේ සිට 10වන ශ්‍රේණිය දක්වා පංති 01වන දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

තාවකාලිකව වසා දමන ලද මෙම පංති කාමර  සෞඛ්‍ය උපදෙස් මත විෂබීජ හරණයට ලක් කර අධ්‍යාපන කටයුතු සදහා කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගන්නා බවද ශ්‍රිධරන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories