ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ දී ඊයේ(29) පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකන් කෙටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සියයට 49ක කොටස් එලෙස ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බව ඇමැතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වරාය අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දුව කඩිනමින් ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම තීරණ ගන්නා බවද හෙතෙම කීවේය.

More Stories