oil-end

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා පැවසීය.

ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත්  නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වැඩිදුරටත් සදහන් කළේය.

QR ක්‍රමවේදය පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුමක් නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා එහිදී සදහන් කළේ රටේ මූල්‍ය හැකියාව මත ඉන්ධන ආනයනය කිරිමට සිදුවීම තුළ එය මනා කළමනාකරණයකින් යුතුව පාරිභෝගිකයාට බෙදාහැරීම සදහා අදාළ ක්‍රමවේදය ක්‍රියාවට නැංවූ බවයි.

More Stories