eggs

ඉදිරි සති දෙක ඇතුළත බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතය.

එහිදී ඇසුරුම්කරණයට අදාළ නිර්නායක පිළිබඳ ව මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හරහා අවශ්‍ය සලකා බැලීම් සිදු කරමින් පවතින බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කර ඇත.

Similar Posts