සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සිදු කරන ලද පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම සහ එහි වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද එනම් 2024 ජූලි මස 18 වන දින සවස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

2023 මැයි 29 වැනි දින අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව තුළ සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ යෝජනාව අනුමත කරන ලද අතර එහිදී අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීම වෙනුවෙන්ස අන්තර්වාර ලේකම් කාර්යාලයක් (ISTRM ) ස්ථාපනය කරන ලදී.

අද දින එළි දක්වන්නේ ඔවුන් විසින් සත්‍යය සෙවීමේ යාන්ත්‍රණ ස්ථාපිත කර ඇති තෝරාගත් රාජ්‍යයන් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයයි. එහිදී  නැගෙනහිර ටිමෝරය, ලයිබීරියාව, රුවන්ඩාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රාජ්‍යයන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයන් ඉදිරිපත් කරන බවයි වාර්තා වෙන්නේ.

aithiya

Similar Posts