ශ‍්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස රුපියල් මිලියන 2250 ක වියදමකින් පලාලි හි ඉදිකෙරුණු ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල’ Jaffna International Airport (JIA) අද (17) උදේ විවෘත කිරීමට නියමිතය. 

ඉන්දීය රජයේ ද සහයෝගය යටතේ ඉදිවූ මෙම ගුවන්තොටුපල මගින් යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ද සිදු කෙරෙන අතර එහි ප‍්‍රථම ගුවන් ගමන ඉන්දියාවේ එලායන්ස් එයාර් 1 සමාගමේ ගුවන් යානයක් චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් ද සමඟ අද පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.

දැනට මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ආසන 72 ට අඩු Bombardier – 100 වර්ගයේ ගුවන් යානා එහි හැසිරවීමේ අවස්ථාව හැකියාව පවතින අතර, සතියකට යාපනයේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් වාර 03 ක් සිදු කිරීමට සැලසුම්කර තිබේ.

More Stories