rice

වෙළදුන් විවිධ මිල ගණන්වලට සහල් විකිනිමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ නගරයේ සමහර වෙළදුන් සුදු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් රතු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, නාඩු සහල් ක්‍රිලෝව රුපියල් 240ත් 280ත්, සුදු කැකුළු සම්බා ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, කීරි සම්බා ක්‍රිලෝව රුපියල් 280ත් 320ත් අතර මිලකට අලෙවි කරන බවත්ය.

මෙසේ සමහර වෙළදුන් සහල් මිල හිතු හිතු ආකාරයට අලෙවි කරමින් තමන්ව ගසා කැමට ලක් කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙකි වෙළදුන් මෙසේ හිතු හිතු ලෙස පාරිභෝගිකයන්ව ගසා කැමට ලක් කලද පාරිභෝගික අධිකාරිය නිහඩව සිටිම දැඩි ප්‍රශ්නයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories