mathugama

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටව ගමනාගමනයට බාධා පැමිණ තිබේ. පසු අද ( 01) උදෑසන සිට මතුගම කලවාන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටව ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ තිබිණි.

මගුරු ගග පිටාර ගැලිමෙන් බදුරලිය කලවාන මාර්ගයේ මිදලන ප්‍රදේශයේ අඩි හතරක පමණ ජල මට්ටමක් පැවති අතර බදුරලිය හැඩිගල්ල ඇතුළු අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි.

අද ( 01) අළුයම සිට කුකුලේ ගග බලාගාරයේ වාන් දොරටු දෙකක් විවෘත්ත කිරිමත් සමග ප්‍රදේශයේ පහත් බිම් හා අතුරු මාර්ග ජලයෙන් යටව ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.

බුලත්සිංහල, පරගොඩ , නාලියද්ද මාර්ගය අඩි දෙදක් පමණ ජලයෙන් යටව ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි. කුකුලේ ගග බාලාගාරයේ වාන් දොරටු විවෘත්ත කිරිමත් සමග පහළ ප්‍රදේශවල ගංවතුර අවධානමක් ඇතිවිය හැකි නිසා අවධානයෙන් සිටින ලෙස බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම්වරයා ප්‍රදේශයේ ජනතාවට දැනුම් දි ඇත.

මේ අතර අද ( 01) දිනයේද කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයකට තද වැසි ඇදහැලෙමින් තිබිණි. මතුරුගග, කුකුලේ ගග, පැලැන් ගග සහ කළු ගග ජලයෙන් පිරි පැවති අතර හදිසි ගංවතුර තත්වක් ඇතිවිය හැකි නිසා අවධානයෙන් පසුවන්නැයි ප්‍රදේශිය ලේකම්වරුන් ජනතාවට අනතුරු අගවා ඇත.

හදිසි ආපදා තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දිම සදහා කටයුතු සුදානම් කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය කියයි.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

 

Similar Posts