මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තත්ත්වය මත මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වීමේ අවදානමක් මතුවිය හැකිය.