protect

රිෂාඩ් බදුර්දින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි පිලිස්සි මිය ගිය ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව සිදු කරන පරික්ෂන කඩිනම් කර එයට වගකිව යුතු පිරිසට දැඩි දඩුවම් ලබා දිම කඩිනම් කල යුතු බව ප්‍රොටෙක්ට් සංගමය පවසයි.

එම සංගමය මගින් හැටන්හිදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි එම සංවිධානයේ ලක්ෂපාන ප්‍රාදේශීය සංවිධායිකා තනුජා දිල්රුක්ෂි මහත්මිය මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය මෙසේ පවසන ලදි.

ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව පවත්වන පරික්ෂන මේ වන විට මන්දගාමි තත්වයන්ට පත්ව ඇති අකාරයක් පෙනි යනවා මේ පිලිබදව අපි දැඩි අවදානයකින් සිටින්නේ මෙම ඉෂාලි දැරිය සේවය කල එම නිවසේ සේවය කල තවත් අයත් විවිධ අඩත්තෙට්ටම්වලට ලක්ව ඇති බවත් මේ වන විට හෙලිවෙමින් පවතිනවා.

එමෙන්ම මෙම සිද්දිය යට ගැසිමටද විවිධ උපක්‍රම යෙදෙන බවටත් හෙලිවෙමින් පවතිනවා එම නිසා මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක්සේ සලකා හෝ මෙම නඩුව කඩිනමින් විභාග කර අදාල වැරදිකරුවන්ට ඔවුන්ගේ තරා තිරම නොබලා දැඩි දඩුවම් ලබා දිමට පියවර ගත යුතු.

අද වන විට වතුකරයේ සමහර බ්‍රෝකර්වරුන් මෙම වතුකරයේ ලමුන් බොරු වයස් පෙන්වමින්  විවිධ ස්ථානවල ගෘහ සේවය සදහා රැගෙන යාමත් විශාල ප්‍රශ්නයක් එම නිසා අපි යෝජනා කරන්නේ යම් නිවසකට ගෘහ සේවය සදහා යම් අයෙක් ගන්නේ නම් එම ගෘහ සේවයට යන අය පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය ලබා ගැනිම අනිවාර්ය කල යුතු බවයි.

මෙම ඉෂාලිනිගේ සිද්ධියත් සමග කම්කරු ඇමතිතුමන් ගෘහ සේවකයන් සදහා නව නිති පද්දතියක් සකස් කරන බව පවසනවා එය ඉතා හොද දෙයක් ඒ පිලිබදව අප සංවිධානය එතුමාට ස්තුතිය පල කරනවා එමෙන්ම එම නිති කඩිනමින් ගෙන එන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.

අද වතුකරය පමනක් නොව මුලු රටම බලා සිටින්නේ මෙම ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්දයෙන් යුක්තිය ඉටුවන අකාරය දෙසයි එම නිසා අපි නැවත ඉල්ලා සිටින්නේ මෙම නඩුව කඩිනමින් විභාග කර අදාල වැරදිකරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන ලෙසයි.

මෙම අවස්ථාවය එම සංගමයේ හැටන් කලාප සංවිධායිකා ඒ මෛත්‍රිලි මහත්මිය ඇතුළු එම සංගමයේ සමාජිකාවන් පිරිසක්ද එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts