Similar Posts
මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?
මන්කිපොක්ස් වෛසරයේ නාමය “එම්පොක්ස්” ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත. අද(24) දින එම තීරණය ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය කාලය තුළ මන්කිපොක්ස් වෛරසයේ නම වෙනස් කිරීම ගැන ඇමරිකාව අවධානය යොමු කළේ මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමිනී.
බැදුම්කර වංචාවේ විත්තිකරු ඇලෝසියස් ගේ අරක්කුවලට බදු සහන සමග යලි අවසර
රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය (01දා) සිට නැවත ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත. රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02ක් ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත මෙම අවසරය ලබාදුන්…
මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය….
සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාවක්
සෑම සිකුරාදා දිනයකම රජයේ සේවකයන්ට නිවාඩුවක් ලබාදීම පිළිබඳ ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්. පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
වර්ජනය තාවකාලිකව අවසන්
රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද
විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිත යි. සූම් තාක්ෂණය ඔස්සේ රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර යි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු යි.