arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

කාන්තාවන්ට මාසික ආදයමක් ලැබීම සදහා ස්වයං රැකියා හදුන්වා දෙන මුවාවෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 82කට ඉදිරිපත් නොවීම නිසා වසර තුනක පමණ කාලයක් දින හා විවෘත වරෙන්තු 82 ලැබූ සැකකරුවෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි නඩු මෙහෙයුම් වරෙන්තු අංශ මගින් ඊයේ (18දා)අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

හදුන්කූරු නිෂ්පාදනය කිරිමෙන් මාසික ආදායමක් ලබා ගැනීමට හැකි බව කියමින් තවත් සැකකරුවන් දෙදෙනෙකු සමග එක්වි ඔහු රුපියල් තිස්පන්දහ බැගින් මුදල් ලබාගෙන වංචා සිදුකිරීම නිසා බිබිල අධිකරණයේ නඩු විභාග වන බවත් එම නඩු 82ක සදහා විවෘත හා දින වරෙන්තු 82ක් නිකුත්කර තිබෙනා බව පොලිසිය පවසයි.

සැකකරු තවත් කාන්තාවක් හා පුද්ගලයෙකු සමග එක්වි බිබිල ප්‍රදේශයේ කාන්තාවන් රැසක් රවටිමින් මුදල් වංචාකර තිබෙනා බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර් ථා කිරිමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස නියෝග නිකුත්කර තිබේ.

සැකකරු සෙසු සැකකරුවන් දෙදෙනා එක්ව රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් වංචාකර තිබෙනා අතර කාන්තාවන්ට ස්වයං රැකියා උත්පාදනයක් සිදුකර නොමැති බව පොලිසිය පවසයි.

සැකකාර 50 හැවරදි පුද්ගලයා අනුරාධපුර පොලිස්වසමේ සැගවි නඩු විභාගයන්ට පෙනි නොසිටීම නිසා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතා මගින් වරෙන්තු ක්‍රියාත්මක කරනා ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

ඔහු පොලිසිය සොයනා බව දැගගැනීමත් සමග සැගවීමට උත්සහ කර ඇතත් ඊයේ (18දා)අළුයම නිවස ආසන්නයේ රැකසිටි පොලිස් කණ්ඩායම ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

තමන්ට නඩු තිබෙනා බව දන්නා බවත් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයනා බව දැන සිටි බවත් සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වු අවස්ථාවේ නිලධාරින්ට පවසා තිබුණි.පැරණි මිහින්තලා පාර ශුද්ධ නගරය අනුරාධපුර ලිපිනයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන සදහා බිබිල පොලිස්ථානයට බාරදීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතාගේ උපදෙස්මත උප පොලිස් පරික්ෂක කොල්වින් පොලිස් සැරයන්වරුන් වන පෙරේරා 12656 හා සම්පත් 20333 නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර  – මහේෂ් විජේසුරිය

More Stories