imf lanka c news sinhala

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ.

ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරුන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබුණි.

More Stories