ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ.
මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය.
ඇය ජනප්‍රිය වූයේ ‘ඉන්දියාවේ නයිටිංගේල්’ ලෙසිනි.
මේ අතර ලතා මංගේෂ්කාර්ගේ අභාවය ගැන අසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ‘දැඩි කනස්සල්ලට’ පත් වූ බව සදහන්වේ.
ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කර තිබේ. භාරත රත්න, පද්ම විභූෂන්, පද්ම භූෂන් වැනි ඉන්දියාවේ ඉහළම සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත.