නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වෙළද සැල් පරික්ෂාවකදි පාරිභෝගික නිති කැඩු වෙළද සැල් 06කට එරෙහිව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියෙය් නිලධාරින් විසින් පියවර ගෙන ඇත.
ලංකාවේ නන් දෙසින් ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ට ගුනාත්මක හා පිරිසිදු ආහාර ලබා දිමටත් එම වන්දනාකරුවන්ගේ පාරිභෝගික නිති ආරක්ෂා කිරිම වෙනුවෙන් කරන ලද වැටලිම්වලදි එකි පාරිභෝගික නිති කැඩු මෙම වෙලදුන්ට එරෙහිව නඩු පැවරිමට පියවර ගත් බව නුවරඑළිය පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ ජේශ්ඨ විමර්ෂන නිලධාරි අමිල රත්නායක මහතා පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු රත්නායක මහතා පවසන ලද්දේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් මෙම මාර්ගයේ වෙළද සැල් නිරන්තරයෙන් පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.
නුවරඑළිය පාරිභෝගික අධිකාරියේ ජේශ්ඨ විමර්ෂන නිලධාරි අමිල රත්නායන මහතාගේ මෙහෙයවිම මත විමර්ෂන නිලධාරි එම්. මුත්තු සිවානෝ, ඩබ්ලිව්. එම්. එච්. ජි. ගාමිණි, අයි. එන්. එම්. ඩි. කන්දේවත්ත, එස්. එම්. රස්ලාන් යන මහත්වරුන් විසින් මෙම වැටලිම සිදු කරන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්