dailyreporter

හැටන් ප්‍රදේශයේ පරිසරය විනාශවන අකාරයෙන් මාර්ගයට කුණු කසල දැමු පුද්ගලයන් 05 දෙනකුට එරෙහිව නිතිමය පියවර ගැනිමට හැටන් පොලිසියේ පරිසර හා දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ. කරුණානිධි මහතා පවසන ලද්දේ හැටන් ප්‍රදේශයේ මාර්ගවලට කුණු කසල දැමිම තහනම් කර තිබියදි එම නිති කඩකරමින්  මාර්ගයන්ට කුණු කසල දැමු පුද්ගලයන් 05 දෙනකුට එරෙහිව නිතිමය පියවර ගැනිමට පියවර ගත් බවත්ය.

හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් මත හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ අධික්ෂනය මත හැටන් මුලස්ථාන පොලිසියේ පරිසර අංශයේ හා දුෂණ මර්ධණ අංශයේ නිලධාරින් ඒකාභද්ධව සිදු කරනු ලබන පරික්ෂාවලදි මෙසේ මාර්ගයට කුණු කසල දැමු පිරිසට එරෙහිව නිතිමය පියවර ගැනිම සිදු කල බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

මාර්ග අසල කසල ගොඩ ගැසිමත් සමග ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට

More Stories