election2024

යෝජිත පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වාර්තා වෙයි.

රජයට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව පවසන්නේ මෙවර මැයි දිනය ඉතා උත්කර්ෂවත් ලෙස කොළඹදී පවත්වා ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය පැවැත්වීම වඩාත් යෝග්‍ය බවට යෝජනා ලැබී ඇති බවයි.

එසේ වුවහොත් මැයි මස මුල් සතියේ අදාළ මැතිවරණය පැවැත්විය හැකි බවද එම පාර්ශ්ව සඳහන් කරති.

පසුගිය ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයෝ මෙවර පළාත් පාලන ඡන්දය සඳහා ද සුදුසුකම් ලබා සිටිති.

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් 17140354 දෙනෙක් ඡන්දය සඳහා සුදුසුකම් ලැබූහ. එයින් ඡන්ද ප්‍රකාශ කර තිබුණේ 13619916 දෙනෙකි.

More Stories