ඇඳිරි නීතිය පැනවු ප්‍රදේශවල අද උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘතව තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජනතාව අද දිනයේ කටයුතු කිරිම ඉතා වැදගත් බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

“පොදු ස්ථානවලට පැමිණෙන සියලු දෙනාම මුහුණු ආවරණයක් පැළඳිය යුතුයි. නැතිනම් දුරස්ථභාවය තබා ගත යුතුයි. පොදු ස්ථාන යනුවෙන් සඳහන් වෙන්නේ සම්ප්‍රදායික දුම්රිය හා බස්නැවතුම් පොළවල් පමණක් නොවෙයි. යම් උත්සවය පවත්වන්නේ නම්, යම් ස්ථානයක් හෝ මුදල් ගෙවා ඇතුළු විය හැකි සිනමා ශාලාවක් වැනි දෙයක් වුවත් පොදු ස්ථානයක් ලෙස සැලකෙනවා.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

More Stories