ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින්  කොළඹදී පැවැත්විය.

එහිදී එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මුදල වාර්තා කරමින් මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ විසිදහසක මුදලකට මිලදී ගැනීමට කොළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ බව සඳහන්.

පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන අතර ඉන් ත්‍රිත්වයකම ශූරයන් බවට පත්වූ ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මිලදී ගනු ලැබුවා.

වෙන්දේසියට ප්‍රථම කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක විජයකාන්ත් වියස්කාන්ත් සහ ඇෆ්ගනිස්ථානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන නූර් අහමඩ් සහ අස්මතුල්ලා ඔමර්සායි යන ක්‍රීඩකයින් මෙලෙස රඳවා ගත් සහ මිලදී ගත් ක්‍රීඩකයින් අතර වෙයි.

ඊට අමතරව ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දකුණු අප්‍රිකාවේ රයිලි රූසෝ අමෙරිකානු ඩොලර් 60,000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් එක්කෝටි අසූ ලක්‍ෂයක මුදලකට මිලදී ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා හා ජේසන් බෙරන්ඩොෆ් අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලකට එනම් එක්කෝටි 50,000 ක මුදලකටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගත් බවයි සඳහන් වන්නේ.

අසිත ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ඩොලර් 40,000 බැඟින්ද , ෆැබියන් ඇලන් ඩොලර් 30,000 කටත්, ප්‍රමෝද් මධුශාන් සහ ඇලෙක්ස් රෝස් අමෙරිකානු ඩොලර් 20,000 බැඟින්ද වෙන්දේසි වී ලයිකා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.

ලහිරු සමරකෝන් අමෙරිකානු ඩොලර් 13,000 කටත්, නිශාන් මදුෂ්ක සහ වනුජ සහන් අමෙරිකානු ඩොලර් 10,000 ක මුදලකටත්, ඒෂාන් මාලිංග, විෂාඩ් රන්දික, අහන් වික්‍රමසිංහ, මුර්වින් අභිනාෂ්, අරුල් ප්‍රගාෂම්, තීෂන් විදූෂාන්, නිසල තාරක අමෙරිකානු ඩොලර් 5000 බැඟිනුත් මිලදී ගත්තා.

ඉසුරු උදාන අමෙරිකානු ඩොලර් ලක්‍ෂයකට ගෝල් මාවලස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85,000 ක මුදලකට බී ලව් කැන්ඩි කණ්ඩායම මිලදී ගත්තා.

පස්වන වරටත් පවත්වනු ලැබූ මෙවර අයි.පී.එල්. තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය දිනා ගැනීමට මොනරා ටීවී සමත්වී තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ උණුසුම වෙනුවෙන් පන්දුව ඔබ වෙත ගෙන ඒමට මොනරා ටීවී සූදානම්.

Similar Posts