Man arrested for bulldozing reserve

රජය මගින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ගැසට්කර තිබෙන ගල්කිරියාගම මහහුරුල්ලෑව බිම ඩෝසරක් යොදාගෙන එළිපෙහෙලි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස කැකිරාව දිසා මහෙස්ත්‍රාත් යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අංක 20 කැප්පෙටියාපොල ලිපිනයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර රියදුරෙකු වන ආර්.එම්.ජී චන්ද්‍රසිරි නැමත්තායි.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයයට කරුණු දැක්වූ ගල්කිරියාගම පොලිසිය කියා සිටියේ වන සංරක්ෂන දෙපාර් තුමේන්තුවේ නිලධාරින් කළ දැන්වීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනා බවයි.

සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කළ දැන්වීමකට අනුව අදාල ඉඩමේ අක්කරයකට අධික භූමි ප්‍රදේශයක් ඩෝසර් කර තිබෙනා බවත් එම භූමියේ පුරාවිද්‍යා නටඹුන් මෙන්ම ඉපැරණි දාගැඹක් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.භූමියේ පැරණි ගඩොල් වලංකටු හා විශාල ගල් පුවරු හා කෝවා දක්නට ලැබුණු බවත් පොලිසිය අධිකරණයට දැන්වූවේය.

සැකකරු විසින් ඩෝසර් කළ භූමියට ඈතින් නිදන් හොරුන් කැනීම් සිදුකළ විශාල චෛත්‍යක නටඹුන් හමුවනා බවත් එහි අඩි 12ක් දිගට හා අඩි අටක් ගැඹුරට කිසියම් පිරිසක් කැනීම් සිදුකර තිබෙනා බවට නිරික්ෂනයවු බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.මෙම ස්ථානය රජය මගින් පුරා විද්‍යා භූමියක් ලෙස ගැසට් කර තිබෙනා බවත් සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූවේය.

අදාල ස්ථානයට සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර් ථාවක් කැදවන ලෙස නියෝග කළ විනිසුරුවරයා පලාගොස් සිටින සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස ගල්කිරියාගම පොලිසියට නියෝග කළේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories