ටයිටෑන් වර්ගයේ දුර්ලභ ගණයේ වාමාවෘත විශේෂ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීම සඳහා මාතලේ, රජවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ ගාලුමෝදර පිටිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය පැවසීය.

බලපත්‍ර නොමැතිව වාලම්පුරියක් කෝටි දෙකකට මුදලකට විකිණීම සඳහා පුද්ගලයකු ගාලුමෝදර ප්‍රදේශයට පැමිණෙන බවට කොළඹ පිහිටි නාවික හමුදා බුද්ධි අංශ කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකල බවද පොලිසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කරනු ලැබුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (බුද්ධි / විශේෂ මෙහෙයුම්) ඩි.පි යු කොඩිතුවක්කු මහතා ලබාදුන් උපදෙස් මත බව වැටලීම සිදුකළ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම වාලම්පුරිය දිගින් අඩි 1′ අඟල් 3 1/2″ වන බවත් මෙහි වට ප්‍රමාණය අඩි එකයි අගල් හතයි බාගයක් 1’x 7.1/2″ වන බවත් එමෙන්ම එහි බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 66 කට 1.666 kg අධික බවත් වැටලීම සිදු කළ පොලිස් කණ්ඩායමේ උසස් නිලධාරියෙක් පැවැසීය .

අත්අඩංගුවට ගත් සැකකරු රජවැල්ල රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව පොලීස් ස්ථානය වෙත භාර දුන් බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (බුද්ධි හා විශේෂ මෙහෙයුම්) ඩි.පි.යු කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක එච්.යු බණ්ඩාර පොලිස් සැරයන් 13072 සාලිය පොලිස් කොස්තාපල් 68084 තිළිණ,71997 වීරසිංහ, 76016 කරුණාරත්න, 76075 කලුගල්ල, 78549 පත්මසූරිය, 83382 යකුපිටිය, 80729 කුමාර යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories