මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදය අවම කර ගැනීම සදහා ගත හැකි කෙටි කාලීන පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කර්යලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදි මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතිය (KMTT) ඉදිකර අවසන් කරන තෙක් පැරණි බන්ධනාගාර පරිශ්‍රය තුළ බස් රථ ගාල් කිරීම, ඒ සඳහා බස් රථ ඇතුල් කිරීමට සකස් කර ඇති ප්රවිශ්ඨ ද්වාරය තවදුරටත් පුළුල්කර ගැනීම සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.
එමෙන්ම මෙම ස්ථානය බස්රථ ගාල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ අළුත්ගම ධම්මානන්ද මාවත එක් මංතීරුවකට පමණක් වාහන ගමනාගමනට කිරීම පමණක් සීමා කිරීම, ඇතුළු මහනුවර නගරයේ තැනින් තැන බස් රථ ගාල් කිරීම හා වාහන තදබදය අඩුකිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා සංවාදයට ගනු ලැබූ අතර , ඒ අතුරින් කඩිනමින් ක්‍රියාත්මක කල හැකි යෝජනා ක්‍රියාවට නැංවීමට තීරණය කෙරෙණි.
මෙම සාකච්ඡාවට, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ, ඩී.බී.එස්.කේ. දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු යූ.එම්. ප්‍රසාද් භද්‍රජි, මහනුවර පොලිස් අධිකාරි ඩි.සි.ඩි. ඉලංගකෝන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේකෝන් යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.
දිනුෂ වන්නිආරච්චි