elephant High-end mesothelioma law firms Premium business continuity consultancy Elite private jet charter hourly rates Top-tier corporate event management companies

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයට වැඩි වටිනාකමක් එක් කරන වනජීවී සම්පතක් ලෙස සැලකෙන වනඅලිගහනයෙන් අලින් 6 දෙනෙකු අහිමි වීමේ පුවත ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව විදෙස් වැසියන්ගේ පවා හද සසල කළ පුවතක් විය.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියේ ගැටී පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදු විය.

මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය ගල්ඔය අතර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය කෙරෙමින් තිබූ දුම්රියේ වන අලින් ගැටීම සිදු වුණේ ඊයේ රාත්‍රි 11.30 ත් 12 ත් අතරදීයී.

ගල් ඔය 141 වෙනි සැතපුම් කණුව අසලදී මෙසේ ගැටී ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලි රංචුවක්.

අවුරුදු 08 /15 / 20 /30 යන වයස්වල පසුවන වන අලින් අනතුරින් මිය ගියා.

මිය ගිය වන අලින් අතර වයස මාස 06 ක පමණ පැටවකු ද සිටිනවා.

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක්

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ.

ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141ක් වන සැතපුම් කුණුව අසලදී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවති බව සඳහන් ය.

ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා එක්වී තිබේ.

එහිදී වනඅලි අනතුරු බහුල අදාළ ප්‍රදේශයේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීමටත්, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳවත් වැඩි අවධානය යොමුවී ඇති බව සඳහන් ය.

දුම්රියවල ආලෝක පද්ධති ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමටත් එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.

මීට අමතරව සාකච්ඡාවේ දෙවන අදියර ලෙස හෙට (22) මෙම අනතුරු සිදුවූ ස්ථානයට සියලුම පාර්ශ්වයන් ගොස් පුළුල් නිරීක්ෂණයක් කර අදාළ තීරණ සහ තවත් ක්‍රියාත්මක කළ යුතු තීරණ ඇත්නම් ඒවා ද  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.

More Stories