lansa

කොරෝනා වලට එන්නත විදගැනිමට අදාලව දැනටමත් ඇතැම් දේශපාලකයන් සමාජයට පණිවිඩයක් සපයා තිබෙන මොහොතක මිගමුව නගරාධිපතිවරයා 60 සිමාවත් ඉවතට දමමින් එන්නත විදගනියි.

සමගි ජනබලවේගයේ හරින් ප්‍රනාන්දු කියා තිබුනේ අවදානම් සහිත අයවලුන් හට ප්‍රමුඛතාවය දිය යුතු බවය.

දේශපාලකයන් එසේ ආදර්ශ සපයා තිබියදි මිගමුව නගරාධිපති දයාන් ලංසා මිගමුවේ වැඩිම කොරෝනා අවදානමක් සහිත ගම්මාන කිපයක් තිබියදි ඒවාට ප්‍රමුඛතාවය දෙනවා වෙනුවට සිය ගමට පළමුව එන්නත විදිමට කටයුතු කර තිබුනා පමණක් නොව සහෝදර මන්ත්‍රිවරුන්ටද නොදන්වාම නගරාධිපතිවරයාද එන්නත පළමු දිනයේදිම ලබාගෙන තිබුනේ මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වමිණි

මේ අතර පසුගිය දා මිගමුව නගරාධිපතිවරයා ඇතුලු නාගරික මන්ත්‍රිවරුන් 48 දෙනෙකු සදහා ඇන්ටිජන් පරික්ෂාව සිදුකිරිමට සියළු කටයුතු යොදා තිබුණද එදින පැමිණ තිබුනේ නාගරික මන්ත්‍රිවරුන් 8 දෙනෙකු පමණි.

නගරාධිපතිවරයා පවා පැමිණ තිබුනේ නැත.

More Stories