පසුගිය දා පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, “මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම රටට අහිතකර බව ඔප්පු කළොත්, ලංකාවේ එක බිම් අගලක් අහිමි වෙනවා කියලා ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වනවා,” යනුවෙනි.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු මර උගුලකට හසු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙන පිරිස් විසින් දැඩි විවේචන එල්ල කරමින් සිටිති.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ඇමෙරිකාවේ “උගුලක්” බවය. මෙය අහිංසක ව්‍යාපෘතියක් වගේ පෙනුණට ඒය පිටුපස තියෙන්නේ ආර්ථික සහ දේශපාලන වටලෑමක්,” බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

නමුත් මේ සම්බන්ධ අදහස් ප්‍රකාශ කරන විද්වතුන් පවසා සිටින්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිත බවත්, ඒම ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.

ඒමෙන්ම, මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රවාහන හා ඉඩම්  ව්‍යාපෘති දෙකක් සදහා බවත් ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ  මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිත බවත් ප්‍රකාශ කරයි.

ඉඩම් ව්‍යාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිත බවත් පවසයි.

මෙම විවේචනයන්ට පිළිතුරැ දෙන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශකර සිටියේ මේ හරහා “කිසිදු ආකාරයකට ඉඩම් විකිණීමක් සිදු නොවන” අතර “අදාළ ගිවිසුමෙහි එක් තැනක හෝ එවැන්නක් සදහන් වී ඇත්නම් පැය 24ක් තුළ එය පෙන්වන” ලෙස ද අමාත්‍යවරයා අභියෝගයක් කළේය. අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, මෙම ව්‍යාපෘති සැලසුම් “මුළුමනින් ම දේශීය විද්වතුන් 33000ගේ යෝජනා සහ අධ්‍යයනයන් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ සකස් කළ සැලසුමක්” වන අතර, “එය ඇමෙරිකානු සැලැස්මක් නොවන” බවය.

 

More Stories