neth2

අලව්ව පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් නෙත් එෆ්එම් ආයතනයේ සේවය කරනු ලබන මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන් විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පොලිස්පතිවරයා වෙත සිදුකළ පැමිනිල්ලකට අනුවයි.

සිය නිවසේ සිට රැකියා ස්ථානය බලා එමින් සිටි මෙම මාධ්‍යවේදියාට මංතීරු නිතිය උල්ලංඝණය කර බව කියමින් දඩ පත්‍රිකාවක් ලබාදීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා උත්සහ කර ඇති අතර තමන් එවැනි වරදක් සිදුනොකළ බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන් මෙලෙස පහරදීම සිදුකර ඇත.

මේ ආකාරයෙන් මහජනතාවට පහරදීමට පොලිසියට හැකියාවක් ඇත්ද ?

එවැනි අයිතියක් ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න විමසා බැලිය යුතු කරුණක් වනවා.

මන්ද දිනෙන් දින පොලිසිය විසින් සිදුකරනු ලබන මෙවැනි පහරදීම් හේතුවෙන් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අගතියට පත්වන මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමට සිදුව ඇති කාලය එළඹ ඇති බැවින්ය.

More Stories