medicines

අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

එය වවුනියාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති බව සඳහන්.එම මධ්‍යස්ථානය තුළ අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් 100දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වෙයි.

ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.ඒ සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය දැනුවත් කර ඇති බව ද සඳහන්.

ඒ අනුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසයි අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම් දී ඇත.

Similar Posts