අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් තිබෙනවා.

ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා වී ඇති අමෙරිකාව විශාල නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීම පිළිගත නොහැකි එකක් බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ අවස්ථාවේදී ලංකාවට අසීරු එහෙත් අත්‍යවශ්‍ය තීන්දු ගැනීමට සිදුවනු ඇති බවට අමෙරිකාව කර ඇති ප්‍රකාශය අනෙක් රටවල ස්වෛරීත්වයට දැඩි බලපෑම් එල්ල කිරීමක් බවද චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය නිරත විය. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ජවිපෙ දැඩි විරෝධය පළකරන අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ පොම්පෙයෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් බරපතල ගැටලු රාශියක් මතුවන බවයි.

අමෙරිකානු ක්‍රියාපිළිවෙත විවේචනය කල  නිවේදනය 

More Stories