bus

බස් ගාස්තු ඉහල දැමිමත් සමග හැටන් ආශ්‍රිත මාර්ග කිපයකම සමහර පුද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් වැඩි පුර මුදල් අය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් කිප දෙනකුම පවසන ලද්දේ ඉන්දන මිල ඉහල යාමත් සමග පසු ගිය දිනවල බස් ගාස්තු ඉහල දැමිමෙන් පසු හැටන් බගවන්තලාව, මස්කෙළිය, සාංචිමලේ, ෆොඩයිස් හරහා ඩයගම, තලවාකැලේ, යන මාර්ගවල ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් තමන්ගෙන් හිතු අකාරයෙන් වැඩි පුර මුදල් අය කරන බවත්ය.

මෙම බස් රථ බොහෝමයක වැඩි කල බස් ගාස්තු පිලිබදව සටහන් ප්‍රදර්ශනය කර නොමැති බවත් මෙහි සමහර කොන්දොස්තරවරුන් ලබා ගන්නා මුදලට ටිකට් පත් ලබා නොදෙන බවත් යම් හෙයකින් තමන් ටිකට් ඉල්ලු විට බස් රථයෙන් බසින ලෙස පවසමින් එම කොන්දොස්තරවරුන් තමන්ට බැන වදින බවද මෙම මගින් පවසති.

මෙම කොන්දොස්තරවරුන් තමන්ට හිතෙන හිතෙන ආකාරයට මෙසේ කටයුතු කරනුයේ මධ්‍යම පලාත් මගි ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් මෙම ප්‍රදේශයේ ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ පිලිබදව නිසි ලෙස සොයා බැලිමට කටයුතු නොකිරිම නිසා බවත් මෙම පුද්ගලික බස් රථ පිලිබදව නිසි ලෙස එම නිලධාරින් සොයා බලන්නේ නම් මෙම කොන්දොස්තරවරුන් බස් මගින් වන තමන්ට මෙවැනි කෙනහිලි කම් නොකරන බවද එම බස් මගින් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts