arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

අධිකරණ නියෝගමත රදවා සිටින බාලවයස්කාර දැරියන්ට දරුණු අන්දමින් පහරදි කෘරත්වය පෑමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ නිවාස මාතා නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කඩ පනහ පිහිටි අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ සේවයේ නියුතු පරිවාස දෙපාර් තුමේන්තුවට අනියුක්ත 43 හැවරදි නිවාස මාතාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර් ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙසින් ළමා නිවාසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ පරික්ෂන වලට අනුව දැරියන් හත්දෙනෙකු පමණ ලබාදුන් ප්‍රකාශවලට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇය අතින් පයින් ප්ලාස්ටික් බට පොළු වලින් පහරදීම නිසා දරුවන්ට තුවාල සිදුව ඇති බව පොලිසිය සිදුකර තිබෙනා පරික්ෂන වලදි අනාවරණයවි තිබුණි.සැකකාරිය විසින් දරුවන්ට නාන කාමර තුළ හා ඔවුන්ගේ කාමරවල සිරකර පහරදීම් සිදුකර ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂන වලදි අනාවරණයවි තිබු අතර සුළු වැරදි වලට පවා අමානුෂික අන්දමින් පහරදීම් සිදුකර තිබෙනා බව පොලිසිය පවසයි.

පැමිණිලිකාර දැරියන් පොලිසියට ප්‍රකාශ ලබාදෙමින් කියා තිබුණේ නිවාස මාතාව පහරදීමෙන් අනතුරුව බොරුළු සහිත මිදුලේ දණ ගස්සවා කෘර ලෙස වදදෙන බවයි.නාන තටාකයට බැස දියනෑමේ චෝදනාවට ලක්වු දැරියකට ඇය ප්ලාස්ටික් බටයක් කැඩෙනා තුරු පහරදි ඇති බවත් එක් දැරියකට අතින් පහරදීම නිසා ඇගේ ඇගිල්ලක පලදාගෙන සිටි මුද්ද වැදීම නිසා ඇසක් ආසන්නයේ සිදුවූ තුවාලයක නොමැකෙන කැළලක් තවමත් පවතින බව පොලිසිය සිදුකළ පරික්ෂන වලදි අනාවරණය වි තිබුණි.

අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසය කෘරත්වයෙන් පිරි ස්ථානයක් බව දරුවන් විශාල පිරිසක් ප්‍රකාශ ලබාදෙමින් පවසා තිබෙන අතර දැරියන්ගේ ප්‍රකාශ පොලිසිය විසින් ඊයේ (14දා) දිනයේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සටහන් කර ගනිමින් පවති.දැරියන් සිදුකරනා චෝදනා සම්බන්ධයෙන් නිවාස මාතාවගේ ප්‍රකාශත් සටහන් කර ගැනීමට නියමිතය.සැකකාරිය අද(15දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර් යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිෂානි සෙනවිරත්න ළමා හා කාන්තා කාර් යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර් ශන සිදුකරති.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

More Stories