කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය මුවපට්ටියගම ඇතුළු ප්‍රදේශවල පසුගිය දිනවල නරි උවදුර පැතිර ගියේ ගම්වාසීන් භීතියට පත් කරමිනි.

මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හොරණ ඉළිඹ ගම්මානයේ සුනඛයින් කිහිපදෙනෙකු නරි විසින් සපා කා ඇතැයි ගම්වාසීහු පවසති.

හොරණ ඕවිටිගල ප්‍රදේශයේ දී මියගිය නරියකුගේ සිරුරක් හමුවීම නිසා එම ප්‍රදේශවල ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන්නැයි ‘‘ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරී කමිටු’’ සාමාජික මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න දන්වා සිටියි.

ගවපට්ටි දෙකක සිටින ගවයින් නරින් විසින් සපා කා ඇති ද යන්න සැක සහිත බැවින් ගවයින් 120 කට පමණ පශූ වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

නරියාගේ හිස කොටස බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයට යොමු කර ඇත.

නරියාට ජලභීතිකාව වැලඳී ඇති බවට හෙළිවුවහොත් වහාම ඕවිටිගල ගම්මානයේ ද ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් ඇය පැවසුවාය.

More Stories