පසුගිය මහ කන්නයේ පොලොන්නරුවේ ගොවි ජනතාව විසින් නෙළාගත් වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය  පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පැවැත්විණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොලොන්නරුව සොළොස්මස්ඨානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රත්නපාල උපාලි අභිධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර පොලොන්නරුව අලුත්සහල් මගල්ල්‍යය පැවැත්විනි.

මෙහිදී පොළොන්නරුව ඓතිහාසික කිරිවෙහෙර අභියසින් ඇරඹි අලුත් සහල් මංගල්ල්‍යය පෙරහැර ගොවි ගෙවිලියන් විසින් පාත්‍රාවලින් හා කද්වලින් ගල්විහාර පුද බිම කරා ‍රැගෙන ආහ.

ඉන් අනතුරුව ඉපැරණි බුද්ධ ප්‍රතිමා අබියසදී අලුත් සහල් වලින් විශාල තඹ පාත්‍රය අලුත් සහලින් පිරවීම සිදු කරනු ලැබීය.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා ගොවි ජනතාවගේත් රාජ්‍ය නිලධාරින්ගේත් සහභාගීත්වයෙන් මෙවර අලුත් සහල් මංගල්ල්‍ය ය පැවතුණි.

පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.දේශපාලන නායකයින් මෙවර පොලොන්නරුව අලුත් සහල් මංගල්ලයට සහභාගී නොවීම විශේෂත්වයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts