news sinhala today

මධ්‍යම කදුකරයේ පටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11යි අගල් 05ක් පහලින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 47යි අගල් 03ක් පිරි ඇති බවත්ය.

මෙම ජලාශවල ජලය උපයෝගි කරගෙන විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, යන විදුලි බලාගාරවල ජල විදුලිය නිපදවිම සිදු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories