කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල කුඩාගම හෝටලයක නිරෝධාන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිනි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් කුඩාගම හෝටලයක 30වන දින නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් පවත්වන බවට 119 ඔස්සේ කරන ලද දැනුම් දිමක් මත දිඹුල පොලිසිය විසින් එම ස්ථානය වැටලිමෙන් අනතුරුව කරන ලද දැනුම් දිමක් මත එහි සිටි පිරිස නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.
එම පිරිස 15 දෙනකුගෙන් සමන්විත බවත් එම 15දෙනා ඔවුන්ගේ නිවෙස් තුලම නිරෝධානයට ලක් කල බවත් අදාල හෝටලයද වසා දැමිමට උපදෙස් ලබාදි එම හෝටලයේ පිරිසද නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
පි. සි. ආර්. පරික්ෂන 16කදි කොවිඩ් ආසාදිතයන් 05 දෙනකු හමුවෙයි
තලවාකැලේ නගරයේ සිදු කරන ලද පි. සි. ආර්. පරික්ෂන 16කදි කොවිඩ් ආසාදිතයන් 05 දෙනකු හමුව ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවාකැලේ නගරයේ අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් 16ක් සිදුකල බවත් එහිදි කොවිඩ් ආසාදිතයන් 05 දෙනකු හදුනා ගත් බවත්ය.
මෙසේ හදුනා ගත් ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්